අධ්‍යාපනය කියන්නේ රටක අනාගතයයි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

රටක අධ්‍යාපනය

එය ප්‍රතිසංස්කරණය කිරීම කියන්නේ සරල, ජනප්‍රිය තීරණයක් නොවෙයි.

ඒක හරියටම කළාමත් විවේචන එල්ල වෙන, වැරදි තිබුණොත් ඒවා හදාගන්න වගකීම ගන්න සිද්ධ වෙන අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අද විවේචන එල්ල වෙනවා.

6 ශ්‍රේණියට නිකුත් කළ මොඩියුලවල අඩුපාඩු පිළිබඳව සාධාරණ ප්‍රශ්න තියෙනවා.

ඒවා විවෘතව කතා කරලා, නිවැරදි කරගත යුතු දේ නිවැරදි කරගන්න එක තමයි වගකීමක් ඇති රජයක කාර්යය.

නමුත් අද අපි දැකින දේ ඒකට වඩා භයානකයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එල්ල වන විවේචන ඉක්මවා,

අධ්‍යාපන ඇමතිවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

ඉලක්ක කරගෙන වෛරී සහගත, පහත් මට්ටමේ ප්‍රචාරණ සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතිනවා.

මෙය විවේචනයක් නොවෙයි.

මෙය ස්ත්‍රී විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී වෛර ප්‍රචාරණයක්.

රටක අමාත්‍යවරියක්, අග්‍රාමාත්‍යවරියක් ඇගයිය යුත්තේ

ඇගේ විවාහ තත්ත්වයෙන් හෝ පුද්ගලික ජීවිතයෙන් නොව,

➡️ ප්‍රතිපත්ති

➡️ තීරණ

➡️ වගකීම භාරගන්නා ආකාරය

➡️ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට දක්වන සූදානම

මතයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය කියන්නේ දශක ගණනාවක් පුරා දූෂණය, අක්‍රමිකතා, අඩුපාඩු එකතු වෙලා තියෙන ක්ෂේත්‍රයක්.

එවැනි පද්ධතියක් එකවර “පරිපූර්ණ” කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

නමුත් වැදගත්ම දේ

👉 වැරදි වසන් කරනවද?

👉 නැත්නම් ඒවා පිළිගෙන හදාගන්න උත්සාහ කරනවද?

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියන්නේ

අධ්‍යාපනය, සමාජය, ස්ත්‍රී අයිතිවාසිකම් ගැන දශක ගණනාවක් පුරා ගැඹුරු විමර්ශනය කරපු,

ආණ්ඩු බලයට එන්න පෙරත් ජනතාව වෙනුවෙන් කතා කරපු අයෙක්.

එවැනි කාන්තාවක් බලයට ආවම

ඇයගේ දැනුමට, ප්‍රතිපත්තිවලට මුහුණ දෙන්න බැරි සමහර අය

ඇගේ ස්ත්‍රී බවට, පෞද්ගලික ජීවිතයට පහර දෙන එක අහම්බයක් නෙවෙයි.

අපි විවේචනය කරන්න ඕන.

නමුත් ඒක තර්කය, සාධාරණත්වය, ගෞරවය මත විය යුතුයි.

නැත්නම් ඒක විවේචනයක් නොව වෛරය පමණයි.

අධ්‍යාපනය හදන්න ඕන නම්,

මුලින්ම අපේ සිතුවිලි හදගන්න ඕන.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට

ස්ත්‍රී විරෝධී වෛර ප්‍රචාරණයෙන් නොව,

සාධාරණ විවේචනයෙන් සහ වගකීමෙන් මුහුණ දෙන්න පුළුවන් රටක්

අපි එකතු වෙලා ගොඩනගමු.

කාන්තාවක් වීම වරදක් නොවෙයි.

දැනුම, අවංකභාවය සහ වගකීම තමයි වැදගත්.

අචාර්ය එම් එම් සෆාන්

ප්‍රධාන විධාය අධ්‍යකෂක

මානව හිමිකම් ආරකෂක සංවිධාණය.

ප්‍රධාන කෘරු

එෂියා නිව්ස් ප්ලස් වන් ප්‍රයිවට් ලිමිටඩ්

බීබීසි මිරර් මිඩියා ප්‍රයිවට් ලිමිටඩ්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *