මෝසමට නියෝගය ජූනි 10දා

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී Suresh Sallay සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසමක් පිළිබඳ නියෝගය ලබන ජූනි 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ.

ඉයේ (04) දින අධිකරණය හමුවේ මෙම මෝසම සලකා බැලුණු අතර, සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර ඒ පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය ජූනි 10 වැනිදා ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *