රටටම ආදර්ශයක් දෙමින් සර්ව ආගමික ළමුන් එකතු කර ගනිමින් සිදුකළ සර්ව ආගමික සහජීවනයේ බැති ගී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වෙසක් සතිය නිමිති කොට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එක්ව සංවිධානය කළ “සහජීවනයේ බැති ගී සරණිය” ප්‍රදේශයේ සියලුම ආගම් නියෝජනය කරන දහම් පාසල් හා පාසල් බැති ගී කණ්ඩායම් එක් කර ගනිමින් පසුගිය දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ ,

මෙහිදී නුවරඑළිය නගරය තුළ ක්‍රියාත්මක බෞද්ධ හින්දු මුස්ලිම් සහ කතෝලික දහම් පාසල් ජාත්‍යන්තර පාසල්වල බැටි ගී කණ්ඩායම් සිය දක්ෂතාවයන් ඉදිරිපත් කළ අතර එහිදී තමන්ගේ ආගම් වලටඅනුකූල බැති ගීත වගේම සංස්කෘතික අංගයන් ද ඉදිරිපත් කිරීමටද දරුවන් සමත් විය ,

මෙම වැඩසටහන නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කිරි ඔරුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම යටතේ නුවරඑළිය සංස්කෘතික නිලධාරී නාමිණි බණ්ඩාර මහත්මාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණ ,

මෙම වැඩසටහන නැරඹීම සඳහා දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් ගුරු පැවැතුම් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

Spread the love

One thought on “රටටම ආදර්ශයක් දෙමින් සර්ව ආගමික ළමුන් එකතු කර ගනිමින් සිදුකළ සර්ව ආගමික සහජීවනයේ බැති ගී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *