රනිල් වික්‍රමසිංහට මහතාට එරෙහි නඩුව අද යළි කැඳවේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (29) යළි විභාගයට ගැනීමට නියමිතය.

මෙම නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා ධුරයේ සිටි සමයේ, ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට ගමන් කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ සිද්ධියට සම්බන්ධව පසුගිය අප්‍රේල් 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

එම ප්‍රකාශ සටහන් කිරීම සිදුකර ඇත්තේ ඇය විසින් ලිඛිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, නිවසට පැමිණ ප්‍රකාශ ලබාගන්නා ලෙස දැනුම් දීමෙන් පසුවය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගේ නිවසට ගොස් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *