RDA කොන්ත‍්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා තිබෙනවා.. නැවත ඒවා එකතු කරමින් ඉන්නේ..

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පිරිසකට සිදුව ඇති ද්විත්ව ගෙවීම්  සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර, එම මුදල් නැවත අය කර ගැනීම සඳහා බැංකු පද්ධතිය සතු විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඉයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ගොනුව සම්ප්‍රේෂණය කිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ගනුදෙනුකරුවන් පිරිසකගේ ගිණුම් වෙත එකම ගෙවීම දෙවරක් බැර වී තිබේ.

මෙම මූල්‍ය දෝෂය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ බැංකු පද්ධතිය තුළ මෙවැනි වැරදි ගෙවීම් යළි අය කර ගැනීම සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් පවතින අතර, බැංකුව විසින් ඒ සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවය.

මෙම සිදුවීම හේතුවෙන් රජයේ ගිණුම්වලට, ආයතනික ගිණුම්වලට හෝ කිසිදු පුද්ගලික ගිණුමකට පාඩුවක් හෝ අහිතකර බලපෑමක් සිදු වී නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියට හෝ වෙනත් ගිණුම් හිමියන්ට මෙයින් මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත්, අදාළ මුදල් අය කර ගැනීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සහතික කළේය.

ලංකා බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බවද මෙහිදී පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *