ලොවපුරා උණුසුම් කාලගුණයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එල් නිනෝ සංසිද්ධිය ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ වඩාත් තීව්‍ර වීමට ඉඩ ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංගමය අනාවැකි පළකරයි.

එල් නිනෝ කාලගුණ සංසිද්ධීන් දුර්වල, මධ්‍යස්ථ, දැඩි සහ ඉතා දැඩි වශයෙන් කාණ්ඩ 04කට වර්ගීකරණය කරඇති අතර මෙවර එල් නිනෝ සංසිද්ධිය වර්ගීකරණය කර තිබෙන්නේ තුන්වැනි උපරිම මට්ටමටය.

මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ ස්වභාවික දේශගුණික රටාව “එල් නිනෝ” ලෙස හැඳින්වේ.

මෙය සාමාන්‍යයෙන් වසර 2ක් හෝ 7ක් අතර කාලයකට වරක් ඇති වන අතර මාස 9 සිට අවුරුද්දක් දක්වා කාලයක් පැවතිය හැකිය.

3 වැනි උපරිම මට්ටම යන්නෙන් අදහස් කරන්නේ, සාගර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 1.5°C සිට 2.0°C දක්වා ප්‍රමාණයකින් ඉහළ යාමය.

ලංකාව වැනි සමකයට ආසන්න රටවලට එල් නිනෝ තත්ත්වයෙන් සෘජු බලපෑම් එල්ල වේ.

වී සහ අනෙකුත් බෝග වගාවන්ට අවශ්‍ය ජලය හිඟ වීම නිසා අස්වැන්න අඩු විය හැකියි.

ප්‍රධාන ජලාශවල ජල මට්ටම වේගයෙන් පහත වැටීම නිසා ජල විදුලි උත්පාදනය අඩාල වීමේ අවදානමක් පවතී.

අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනය, සූර්යතාපය සහ උණ රෝග පැතිරීමේ ප්‍රවණතාව වැඩි වේ.

ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් මිනිසා විසින් සිදුකරන හරිතාගාර වායු විමෝචනය නිසා, ස්වභාවිකව ඇතිවන මෙම එල් නිනෝ තත්ත්වයන්හි දරුණුකම වෙනදාට වඩා බෙහෙවින් වැඩි වී ඇති බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *