මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ හටගත් ගැටුමෙන් පසුව එහි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ඔවුන් බන්ධනාගාරයේ වහලය මතට නැඟ මෙලෙස විරෝධතාවයේ නිරතව සිටියි.

එමෙන්ම පිරිමි රැඳවියන් පිරිසක් ද බන්ධනාගාරයේ වහල මතට නැග විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 35 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *