ශ්‍රී ලංකා – කැනඩා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට කැනඩා රජයේ විශේෂ අවධානය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවේ කැනේඩියානු නාතාපති එරික් වොල්ස් මහතා සහ ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා අතර හමුවක් 2025.07.24 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.

ජනතාවගේ විශ්වාසය දිනාගත්, දූෂණයෙන් තොර පාලනයක් සහිත නව රජය සමග ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට කැනේඩියානු රජය කැමැත්තෙන් පසුවන බව මෙම හමුවේදී පැවසූ තානාපතිවරයා ඒ සඳහා කැනඩා ව්‍යාපාරික ප්‍රජාව සහ වෙළඳ නියෝජිතයින් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය. මෙරට ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ සංවර්ධනය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරීත්වය සහ දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතාවය ඇතුලු අංශ රැසක් පිළිබඳ සභානායකවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් තවදුරටත් සහය ලබාදෙන බව ද අවධාරණය කළේය.

කැනේඩියානු රජයේ වෙළඳ සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක ග්වෙන් තෙමල් මහත්මිය ද මෙම අවස්ථාවට එක් වූවා ය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *