සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද ප්‍රමාණවත් බස් රථ යෙදවීමට සැලසුම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

“ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ විශේෂ අවුරුදු සේවාව මෙම මාස  අටවෙනිදා සිට ක්‍රියාත්මක කළා. මගීන්ගේ අවශ්‍යතාව අනුව අද (14) දිනයෙත් මේ සේවාව ක්‍රියාත්මකයි. මගීන්ගේ අඩුවක් අද දිනයේදී අපි නිරීක්ෂණය කරනවා.  ඒත් සෑම ප්‍රදේශයකටම අවශ්‍ය බස් රථ ප්‍රමාණවත්ව තියෙනවා. මගීන්ගේ අවශ්‍යතාව පරිදි හැම ප්‍රදේශයකටම බස් රථ යොදවනවා. කොළඹ කොටුව බැස්ටියන් මාවත බස් අංගනය මෙන්ම, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට ප්‍රධාන නගරවල සිටත් මෙම සේවාවන් ක්‍රියාත්මකයි. මගීන්ගේ ඉල්ලුම පරිදි අවශ්‍ය සැපයමු ලබා දෙන්න කටයුතු කරනවා” යි ඔහු පැවසුවේය.

කොළඹ සිට පිට පළාත්වලට යාම සඳහා අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා සඳහන් කළේ කොළඹ, කොටුවේ සිට පිට පළාත් වෙත ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය, තැපැල් දුම්රිය සහ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *