සුනාමි පෙර සූදානම් පෙරහුරුවක් නොවැම්බර් 05 BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සුනාමි තත්ත්වයක් පැමිණියහොත් ඊට මුහුණදීම සඳහා නොවැම්බර් 05 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසනවා.

පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූ කම්පන කිහිපයක් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ.

⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලිසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක⁣ට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයට අයත් රටවල් 28 ට සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබනවා.

සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන, අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *