හිටපු සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩ සහිත හිරදඬුවම්!

www.bbcmirror.lk

www.Lankawebnews.lk

​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිචෝදනාවලට වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබෙනවා!

​කොළඹ මහාධිකරණ තීන්දුවේ ප්‍රධාන කරුණු:

​වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්:

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (01) දින මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අමාත්‍යවරයා වරදකරු බවට තීන්දු කළේය.

​2014 මැයි දින පාක්ෂිකයන්ට කෑම දුන් මහා දූෂණය:

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (UPFA) මැයි දින පෙළපාළියට සහභාගී වූ දේශපාලන පාක්ෂිකයන් හා ආධාරකරුවන්ට ආහාර සහ සංග්‍රහ සැපයීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් කේටරින් (SriLankan Catering) රාජ්‍ය සමාගමේ ගිණුමෙන් රුපියල් 330,000ක (තුන්ලක්ෂ තිස්දහසක) මුදලක් අනීතිකව ගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.

​මාරවිල පෞද්ගලික කේටරින් ආයතනයකට මුදල් ගෙවීම:

රාජ්‍ය සමාගමේ මුදලින් මාරවිල පිහිටි පෞද්ගලික කේටරින් ආයතනයකට අදාළ මුදල ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නීතිවිරෝධී ලෙස පොළඹවා ඇති බවට නඩු විභාගයේදී සාක්ෂි සහිතව ඔප්පු විය.

​රාජ්‍ය දේපළ අවභාවිත කළ දේශපාලනඥයන්ට වැදුණු මරු පහරක්!

​තමන්ගේ පක්ෂයේ සහ මැයි දින දේශපාලන සංදර්ශනවලට ජනතාවට බත් පැකට් බෙදීමට පවා රාජ්‍ය ආයතනවල මහජන බදු මුදල් අවභාවිත කළ හිටපු ප්‍රබල දේශපාලනඥයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් වසර ගණනාවක සිරදඬුවම් හිමිවීම, මෙරට නීතියේ ආධිපත්‍යය කෙරෙහි මහජන විශ්වාසය යළි තහවුරු කරන ප්‍රබල සංඥාවකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *