CIDයට සහ TIDයට නව අධ්‍යක්ෂවරුන් පත්කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන අංශ ද්විත්වයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් මෙම විශේෂ රාජකාරි පදනම මත මෙම පත්වීම් සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කර තිබේ.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා පොලිස් අධිකාරි ඒ. එස්. කේ. බණ්ඩාර පත් කර ඇත.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයක් සඳහා උසස්වීම් ලැබූ ශානි අබේසේකර, එම අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුවද, ඉදිරියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරනු ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *