13 වන වරටත් දළදා පෙරහැර ට යුද්ධ හමුදාවෙන් කොප්පරා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඓතිහාසික ඇසළ මහ පෙරහැර මංගල්‍යය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 13 වන වරටත් කොප්පරා ටොන් 5 ක ප්‍රමාණයක් ඉකුත්දා (8) පූජා කරන ලදී.

මෙම කොප්පරා පූජා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහභාගී විය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ මූලිකත්වයෙන් මෙම කොප්පරා පූජාව ක්‍රියාත්මක කරන ලදී.

බෞද්ධ කොඩි සහ නෙළුම් මල් වට්ටි රැගත් යුද්ධ හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් සැදුම්ලත් අලංකාරවත් වූ පෙරහැරකින් එම කොප්පරා ප්‍රමාණය ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය වෙත රැගෙන යාමෙන් අනතුරුව යුද්ධ හමුදාව විසින්  එම කොප්පරා මාලිගාවේ අභ්‍යන්තර කුටියේදී චාරිත්‍රානුකූලව භාරදීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දළදා මාලිගයේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *