2026 වර්ෂය ඇතුළත ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙහෙයවන ලද 14 වන අක්ෂි රෝගීන් පරීක්ෂා කිරීමේ දිනය ඉකුත් දා (එම සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
නොමිලේ සපයන මෙම සේවාව සදහා දිවයිනේ නන් දෙසින් 190 ක ට අධික රෝගීන් පිරිසක් සහභාගී වූ අතර දැනට මෙවැනි සායන 15 ක් පවත්වා රෝගීන් 1221 කගේ ඇසෙහි සුද ඉවත් කිරීම් සිදු කර ඇති බවත් ඉදිරියේදී මෙම වර්ෂය ඇතුළත තවත් 1750 ක ගේ ඇසෙහි සුද ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇති බව අක්ෂිදාන සංගමයේ සභාපති ඉදුණිල් එදිරිවික්‍රමසූරිය මහතා පැවසීය.
මෙදින රෝගීන් පරීක්ෂාව වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා සහ ලසිත සමින්ද අතපත්තු යන මහත්වරුන් විසින් සිදු කළ අතර පැමිණ සිටි සියලු දෙනා වෙත දවස පුරා සුභසාධන කටයුතු ද සංගමය මගින් සපයා ඇත.
එම අවස්ථාවට අදාල ඡායාරූප පහතින් දැක්වේ.

