අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර විශේෂ හමුවක්. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා අතර හමුවක් 2025.07.22 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවත්නා දිගුකාලීන, ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බදුන් විය. එමෙන් ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සංචාරක යන ක්‍ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අදාලව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

