දයා ලංකාපුර මහතා වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය පිරිනමා ඇත. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
දශක හයකට වැඩි අත්දැකීම් ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන දයා ලංකාපුර මහතා මෙරට ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක පාර්ලිමේන්තු, අධිකරණ හා දේශපාලන වාර්තාකරුවෙකු ලෙස මෙන් ම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ තැනැත්තෙකි.
1965දී කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ඇත්ත පුවත්පතින් පුවත්පත් දිවියට අත් පොත් තැබූ ඔහු දිවයින, සිළුමිණ, දිනමිණ, රිවිර ඉරුදින සහ ලක්බිම යන පුවත්පත්වල මෙන්ම බීබීසී සන්දේශය වාර්තාකරු ලෙසද රාජකාරි කර තිබේ.
ලංකාපුර මහතා මාධ්‍ය ජීවිතය තුළ දිනමිණ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ, සිළුමිණ පත්‍රයේ සම කර්තෘ, ජනතා පුවත්පතේ කර්තෘ, ලක්බිම පුවත්පතේ සහකාර කර්තෘ, ඉරුදින පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ සහ රිවිර ඉරිදා සංග්‍රහයේ ප්රවෘත්ති කර්තෘ යන තනතුරු දරා තිබේ.
දිවයින දිනපතා පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු, පාර්ලිමේන්තු හා දේශපාලන වාර්තාකරුවෙකු මෙන්ම කර්තෘ මණ්ඩල උපදේශකයෙකු ලෙස සේවය කළ ඔහු තොරතුරු කොමිසමේ සභාපති ධූරය ලැබෙන තෙක් රතු ඉර පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ ධුරය හෙබවීය.
කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව සහ අපරාධ යුක්ති කොමිෂන් සභාවේ අප්‍රේල් කැරැල්ලේ නඩු විභාගය වාර්තා කළ ලංකාපුර අධිකරණ වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
1976දී කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව ඇත්ත පුවත්පතට වාර්තා කරනු ලැබූයේ දයා ලංකාපුර ය.
රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ සරසවියේ උපාධිධාරියෙකි.
කැනඩාවේ වෙස්ටන් ඔන්ටාරියෝ සහ තාන්‍යයේ බ්රැඩ්ෆෝඩ් යන විශ්වවිද්‍යාලවල මෙන් ම කොරියාවේ මාධ්‍ය පුහුණු ආයතනයේ ජනමාධ්‍ය පාඨමාලා හදාරා ඇති ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත





