පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ.

පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *