ෂොපින් බෑග් හෙට සිට තහනම් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන ෂොපින් බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්
භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම හෙට (01) සිට තහනම් වනවා.

ඒ අනුව අදාල ෂොපිං බෑග් සඳහා අය කරන මුදල පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහි සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 01 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනුයේ වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවලදී අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LLDPE) සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LDPE) යන අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද බහාලුම් මලු කිසිදු පාරිභෝගිකයකුට නොමිලේ ලබා නොදිය යුතු බවයි.

එමෙන්ම නොවැම්බර් මස පළමුවැනිදා සිට අදාළ ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *