ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
රණවිරු සේවා අධිකාරියෙන් වෛද්‍ය සායන මාලාවක්
රණවිරු සේවා අධිකාරියෙහි වත්මන් සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් කොහොනගේ මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝගිමත් ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න රණවිරු පරපුරක් යන මැයෙන් පැවැත්වෙන වෛද්‍ය සායන මාලාවේ එක් වැඩසටහනක් ඉකුත් 29 වන දා ඇඹිලිපිටිය රණවිරු සංසඳයෙහි සංවිධානාත්මක ශක්තියෙන් සහ සහභාගීත්වයෙන් යුතුව ඇඹිලිපිටිය කාවන්තිස්ස රජ මහා විහාරස්ථානයේදී පවත්වන ලදී.
මේ සඳහා ඇඹිලිපිටිය, කොළොන්න, වැලිගෙපොළ, ගොඩකවෙල, යන රණවිරු සංසඳයන්හි රණවිරු ප්‍රජාව සහභාගි වුණු අතර මේ සඳහා සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ගේ මෙහෙය වීම මත වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කණ්ඩායම් ද සහභාගී කරවනු ලැබූහ.
මෙහිදී අක්ෂි, දන්ත, බෝ නොවන රෝග, සහ ලිංගාශ්‍රිත රෝග ඇතුළු බහුවිධ වෛද්‍ය සායන මාලාවක් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කෙරූ අතර සියලු සංවිධාන කටයුතු දිස්ත්‍රික් භාර නිලධාරි කර්නල් නුවන් ධම්මික මහතාගේ මෙහෙය වීම සහ අධීක්ෂණය යටතේ පවත්වන ලදි.
තවද දිස්ත්‍රික් නිලධාරීගේ පුද්ගලික සම්බන්ධීකරණයෙන් රණවිරු සංසඳය වෙත රෝද පුටු පරින්‍යාග කිරීමක් ද සිදු කෙරිණි.
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

