යුද්ධ හමුදාධිපති මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඉකුත්දා (08) ඓතිහාසික මහනුවර පුරවරයට ගොස් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහානාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවේදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානාහිමියන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ සද්ධර්මවාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
එම අවස්ථාවේ දී මහානායක හා අනුනායක නාහිමිපාණන් වහන්සේ ලා විසින් එතුමා ගේ නව තනතුරෙහි කාර්යයන් නිසි ලෙස සිදු කරගෙන යෑම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
මෙම අවස්ථාවට අදාල ඡායාරූප පහතින් දැක්වේ.


