අනෝජන් බේරාගන්න යන ගමන් උපුල් සහ මුස්තාෆා මාලදිවයිනේදී නෂීඩ් මුණගැසෙති

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ උත්සාහයන් සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.

සිවරාසා වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍යතන්ත්‍රික මෙහෙයුමේ මුල් පියවරක් ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අද(23) මාලදිවයිනේදී හිටපු ජනාධිපතිවරයාව හමුවී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ, විශේෂ රාජ්‍යතන්ත්‍රික දූතයන් ලෙස ෆයිසර් මුස්තාෆා සහ උපුල් කුමරප්පෙරුම යන දෙදෙනා සෞදි අරාබියට යන බවයි.

ජනාධිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසු මෙම නීතිඥවරුන් දෙදෙනා මෙම මෙහෙයුම භාරගෙන ඇති අතර, මේ සඳහා රජයේ මුදල් වෙනුවට තමන්ගේම පෞද්ගලික මුදල් යොදවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මොහොමඩ් නෂීඩ් සමඟ පැවැති හමුව සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යෑමට සූදානම් වන බවත් උපුල් කුමරප්පෙරුම පවසා ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *