හෙට දවසේ අපේ කෑම පිඟාන තීරණය කරන පස් ලෑල්ලේ සිට අති නවීන තාක්ෂණය දක්වා ගිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
1999 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ නවතාක්ෂණික සොයාගැනීම් සහ ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කරන ප්‍රධාන වාර්ෂික සම්මන්ත්‍රණය Annual Symposium of the Department of Agriculture ( ASDA ) ලෙස හඳුන්වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශ, රාජ්‍ය නොවන සංවිධාන, ගොවි සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වල විද්‍යාඥයන්ට තම පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග දැනුම වුවමාරු කර ගැනීමටත් ASDA හරහා අවස්ථාව ලැබෙයි.
කෘෂිකර්මාන්තයට අදාල විද්‍යාත්මක පර්යේෂණ හා නව දැනුම ප්‍රචලිත කිරීම සහ එම දැනුම ප්‍රායෝගික කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා මෙම ASDA වේදිකාවේ අරමුණයි. එමගින් නව කෘෂිකාර්මික පර්යේෂණ හා සොයාගැනීම් ඉදිරිපත් කිරීමත්, කෘෂි විද්‍යාඥයන් සහ වෘත්තිකයන් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමත්, කෘෂිකාර්මික ගැටලු සඳහා විද්‍යාත්මක විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව උදාකර ගැනීමත්, නව කෘෂි තාක්ෂණයන් පිළිබඳ අවධානය යොමු කිරීමත් සහ ජාතික ආහාර සුරක්ෂිතතාවයට දායක වන පර්යේෂණ හා ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ටත් හැකිවීම මෙහි විශේෂත්වයකි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ASDA වෙබ් අඩවිය අනුව 2026 වසරේදී 28 වන Annual Symposium of the Department of Agriculture පැවැත්වීමට නියමිතය. එය ASDA වැඩසටහන අඛණ්ඩව වසර 28ක් පවන්වාගෙන යන වැදගත් අවස්ථාවකි. ASDA 28 වන සම්මේලනය 2026.09.29 හා 30 දෙදින ගන්නෝරුව. පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය හා සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය යන ආයතන මුලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මෙම වාර්ෂික සම්මේලනයේ නේමාව ලෙස, Agripreneurship, Through Smart Agriculture- සුහුරු කෘෂිකර්මාන්තය තුලින් කෘෂි ව්‍යවසායකත්වයට යන නේමාවෙන් මෙවර සම්මේලනයේ පැවැත්වේ. මෙම වාර්ෂික සම්මේලනයේ වාර්ෂික සැසිය ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ හා නියෝජ්‍ය ආමාන්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර 2026.09.29 හා 30 දෙදින පුරා පැවැත්වීමට පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. පර්යේෂණ සැසි 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර සම්මේලනයේ විශේෂත්වය නම් දෙදිනක් පුරා ක්‍රියාත්මක වන සම්මේලනයක් වීමයි. මෙවර සම්මේලනය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ දායකත්වය හා මඟ පෙන්වීම යටතේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන), ජී. ජී. 3. ශ්‍යාමලී මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු විධායක කමිටුවක් මඟින් පවත්වනු ලැබේ.
2026 ASDA සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වෙනස්වන දේශගුණික තත්ත්ව, වෙනස් වන වෙළෙඳපොළ අවශ්‍යතා සහ ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රමුඛතා හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පරිවර්තනය කිරීම සඳහා විද්‍යාව, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැදගත් වන බවයි.
මෙම 28 වෙනි වාර්ෂික සම්මේලනය සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද දින (23) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විය.
කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් W.A.R.T වික්‍රමාආරච්චි මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ කෘෂි කර්මාන්තය තුළින් ව්‍යවසායකත්වයට යා යුතු බවත් ASDA වැඩසටහන තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් ලබා දෙන පුද්ගලයන් සංකේතාත්මකව තෝරාගෙන ඇගයීමට ලක් කරන බවයි. අනෙක් ගොවි ව්‍යවසායකයින්ට ද උනන්දු විය යුතුයි. අපි වී වගාවෙන් පෝෂිත වෙලා ඉන්නේ සහ කාලගුණ අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්නත් වැඩි දුරට අදහස් දක්වමින් පැහැදිලි කළේය.
අතිරේක අධ්‍යක්ෂක ජනරාල් (සංවර්ධන) G G V sharm ලී මහත්මිය විසින් පර්යේෂකයන් දිරිගැන්වීම කළ යුතු බවත් තිරසාර කෘෂිකර්මාන්තයට මෙම පර්යේෂණ හා පර්යේෂකයන් යොදා ගැනීමේ වැදගත්කම එහි නව සොයා ගැනීම් නිසා කෘෂිකර්මාන්තය නව මාවතකට පිවිස ඇති බවත් වියවසායකයින් සොයා යෑම සිදු කළ යුතු බවත් කියා සිටියේය. වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ගොවි ප්‍රජාවගේ පැතිකඩ පෝෂණය සිදු විය යුතු බවයි. අස්වනු වැඩි කර ගැනීම සඳහා මේ දැනුම උපයෝගී කරගන්න කියා ගොවි ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළේය.
සුවාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ චමිල පෙරේරා මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මෙම ඇගයීමට ලක්වන ගොවීන් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කරන බවත් ගොවි ජනතාව වෙනුවෙන් සඟරාවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය. ඔහු මෙම වාර්ෂික සම්මේලනයේ සංස්කාරක විදියට කටයුතු කරයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් W A R T වික්‍රමාරච්චි මහතා, අතිගරේක අධ්‍යක්ෂක ජනරාල් (සංවර්ධන) G G V ශ්‍යායාමලී මහත්මිය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ චමිල පෙරේරා මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ විය

