කලාඔය ප්රදේශයේ ආපදාවට ලක් වූ පුද්ගලයන් මුදා ගැනීම සඳහා වන විශේෂ මෙහෙයුම යළි ඇරඹේ..!
කලාඔය ප්රදේශයේ අනතුරට ලක් වූ බස් රථයේ සිටි මගීන් මුදවා ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව විසින් ක්රියාත්මක කරන විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ වී ඇත .ඒ සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ විශේෂ පුහුණුවලත් විශේෂ යාත්රා බලඝණයත් ක්ෂණික ක්රියාකාරී බලඝණයත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමකුත් සහභාගී වන අතර විශේෂ යාත්රා බලඝණ කණ්ඩායම Combat Rubber Raiding Craft (CRRC) යාත්රාවන් උපයෝගී කරගනිමින් ආපදාවට ලක් වූ පුද්ගලයන් රැඳී සිටින ස්ථානයට ගමන් කරමින් සිටි.
එච්.එස්.කේ.ජේ.බණ්ඩාර
රජයේ ප්රවෘත්ති අධ්යාක්ෂ ජනරාල්
2025/11/29

