වසර 21කට පසු මිල්කෝ ගොවීන්ට ලාභාංශ ගෙවයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
‘මිල්කො කිරිගොවි අභිමන්’ කිරිගොවි ප්‍රසාද දීමනා පිරිනැමීමේ සහ කිරිගොවි රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවය අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 2026/02/02 සිදුකෙරිණි.
මිල්කෝ ආයතනය හා සම්බන්ධ කිරි ගොවීන් 22,000කට ආසන්න පිරිසක් වෙත මිල්කෝ ආයතනයේ ලාභාංශ, දීමනා ලෙස ප්රදානය කිරීමට නියමිත අතර මෙම උත්සවයේ දී කිරිගොවීන් දෙදහසකට එම දීමනාව සංඛේතාත්මකව අගමැතිනිය විසින් ප්රදානය කරන ලදී.
මිල්කෝ ආයතනය හා සම්බන්ධ දිවයිනේ සියලු පළාත්වල කිරි ගොවීන් සඳහා ප්‍රසාද දීමනා ප්රදානය කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද මෙම උත්සවයේ දී සිදුවිය.
අවුරුදු 21කට පසුව මෙලෙස ලාභාංශ බෙදාදීම සිදු කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.
වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැඟිය හැකි බව මිල්කො ආයතනය තහවුරු කළ බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙහි දී කියාසිටි
පරිවර්තනීය යුගයක් වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනාම සම්බන්ධ කරගනිමින්, සියලු දෙනාට ප්රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැඟීමට හැකි බව රජයට විශ්වාස යැයි අගමැතිනිය ප්‍රකාශ කළාය.
එමෙන්ම සමාජ ආරක්ෂණ අරමුදල හා මිල්කෝ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන කිරිගොවි විශ්‍රාම යෝජනා ක්‍රමයේ විශ්‍රාම වැටුප් සඳහා සාමාජික හිමිකම් පත්‍ර ප්රදානය ද මෙහි දී සිදුවිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ හා ආයතන නිලධාරීන් මෙන්ම දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි කිරි ගොවි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වී සිටියහ.

