බහාලුම් ප්‍රමාදය නැවතත් තදබදයක
www.bbcmirror.lk www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් මතුව ඇති බව වාර්තා වේ. ආනයනික බහාලුම් පිටකිරීම සහ වරායෙන් පිටත අංගනවලදී සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කරන්නේ, නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිවීම ඇතුළු කරුණු රැසක් මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
විශේෂයෙන්ම කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිටකිරීමේදී දැඩි ප්‍රමාදයක් පවතින අතර, වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂණ කටයුතු සිදුකිරීමද මන්දගාමී වී තිබේ.
එමෙන්ම ඔරුගොඩවත්ත බහාලුම් පරිශ්‍රය තුළද තදබදයක් වාර්තා වන අතර, එහි ප්‍රතිවිපාක ලෙස බහාලුම් රථ රියදුරන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉදිරි මාසයේදී විශාල බහාලුම් ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් පවතින තදබදය තවත් උග්‍ර විය හැකි බවයි. එබැවින් අවශ්‍ය වන්නේ ආරක්ෂක අංශ හෝ අදාළ බලධාරීන් යොදවා කඩිනමින් තත්ත්වය පාලනය කිරීම බවත්, ඒ සඳහා රජය මැදිහත් විය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කර ඇත්තේ, බහාලුම් නිෂ්කාශනයේ යම් තදබදයක් පවතින නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

