“අපෙන් න්‍යෂ්ටික බලාගාරයක් ගත්ත නම් ඔය අවුල් වෙන්නෙ නැහැනේ රුසියානු තානාපති කියයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපති ලෙවන් එස්. ධගරියන් මේ සතියේ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.
රැස්වීම ආරම්භයේදී තානාපති ධගරියන් සැහැල්ලු ස්වරයකින් පැවසුවේ, ශ්‍රී ලංකාව රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා වූ රුසියානු යෝජනාවකට එකඟ වූයේ නම්, අද බලශක්ති හිඟය පිළිබඳ ගැටළු සමඟ පොරබදන්නේ නැති බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකරන බවත් න්‍යෂ්ටික බලය පිළිබඳ කතා කිරීම ශ්‍රී ලාංකික ජනතාව බියගන්වන බවත් විජිත හේරත් පැවසීය.

