කාගේ ගිණුමකටද ඩොලර් මිලියන 2.5ක් ගියේ?

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කන්ටේනර් තුන්සිය විසිතුන වගේම ගල්අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේය.

එක පැත්තකින් ආණ්ඩුව බාල ගල්අඟුරු ගේනවා. ඒ පාඩුව ජනතාව පිට දානවා. තවත් පැත්තකින් දැන් බලන් යනකොට ආණ්ඩුව නොදැනුවත්වම තමන්ගේ නිලධාරීන් ආණ්ඩුවේ මුදල් හොර ගිණුම්වලට දාගෙන තියෙනවා. දැන් කියන්නේ මොකක්ද, ඊ මේල් මාර්ගයෙන් ආපු ස්පෑම් එකක් නැත්නම් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා ලැබුණු තොරතුරක් මත ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් කරලා තියෙනවා. එහෙම තමයි දැනගන්න තියෙන්නේ. මේක වෙලා තියෙනවා කියන්නෙත් දෙසැම්බර් මාසේ, ගිය අවුරුද්දේ. හැබැයි ආණ්ඩුව අද වෙනකම් ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද. මේ කාගේ ගිණුමකටද ඩොලර් මිලියන 2.5ක් ගියේ. නැත්නම් ඊට වඩා වැඩි මුදලක් ගියාද.

දැන් එක කාලයක් යහපාලන ආණ්ඩුව ජේවීපී එකත් එක්ක සන්ධානගත වෙලා දූෂණ මර්දන කමිටුවක් කියලා හදාගෙන හොරු අල්ලනවා කියලා යන ගමන් මහබැංකුව මංකොල්ල කෑවා. දැන් ඒ අයම නැවත වතාවක් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හොරු අල්ලනවා කියලා කියාගෙන යන ගමන් මුදල් අමාත්‍යාංශයේ සල්ලිත් තමන්ගේ ගිණුම්වලට දාගන්න තැනට පත්වෙලා තියෙනවා. මොකද මුදල් අමාත්‍යාංශයට යම් ගෙවීමක් කරන්න හෝ යම් ණයක් හෝ යම් පොලියක් ගෙවන්න හෝ කියලා ඊ මේල් පණිවිඩයක් එනව නම් ඒකට මුදල් ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා වගකියන්න ඕන. ජනාධිපතිවරයාට දැන් බෑ කියන්න මගේ යටතේ හිටපු අලුත් නිලධාරීන් හතරදෙනෙක් කරපු වරදක් ඒ හින්දා දැන් අපි රස්සාවෙන් අස්කරා කියලා ජනාධිපතිවරයාට අත හෝදගන්න බෑ. ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයා. මේ රටේ මුදල් අමාත්‍යංශයේ ගිණුමෙන් සල්ලි ගිහිල්ල තියෙන්නෙ. වෙන තැනකින් නෙවෙයි.

මීට පෙර ණය ගෙව්වේ මහබැංකුවෙන් දැන් ඒ අලුත් පනතක් මගින් මුදල් අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ හින්දා මුදල් අමාත්‍යංශය භාර ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා, ලේකම්වරයා නිලධාරීන් වගකියන්න ඕන. ඉතින් මේ අණ්ඩුව බලයට ආපු ගමන් තමන්ගේ පක්ෂයට හිතවත් තමන්ට හිතවත් නිලධාරීන්ව පත්කළා. අවසාන ප්‍රතිඵලය තමයි සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම කඩාගෙන වැටුණ පමණක් නොවෙයි, තමන්ට හිතෙන හිතෙන ගිණුම්වලට රජයේ මුදල් දාගන්න තැනට වැටිලා තියෙනවා…..දැන් බලන් යනකොට මුදල් අමාත්‍යාංශයට ආපු හොර ඊමේල් ගිණුමකට රැවටිලා ඩොලර් මිලියන 2.5 මුදලකුත් ගිණුමකට දාගෙන තියෙනවා. දැන් කවුද මේවට වග කියන්නේ අවසානයේ ඒ පාඩුවත් ජනතාව පිට දායි.”

Spread the love

One thought on “කාගේ ගිණුමකටද ඩොලර් මිලියන 2.5ක් ගියේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *