විපක්ෂ නායකගෙන් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා සජබ මැයි රැළියට එක්වන්නැයි,

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මැයි රැළියට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන මොහොතේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන, රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කරන වැඩපිළිවෙළක් සඳහා ප්‍රධානතම පියවර තබන්නට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළා.

එමෙන්ම දැනටමත් ක්‍රියාත්මක යල්පැනගිය දේශපාලන සංස්කෘතියට තිත තබන දැනට ක්‍රියාත්මක දේශපාලන සූදුවෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන මැද මාවතක් තුළින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ වෙළෙදපොළ ආර්ථිකය තුළින් ඉදිරියට යාමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.

එබැවින් මේ ගමන සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයට, සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සේම රටේ දියුණුව උදෙසා කැපවී සිටින සියලුම ප්‍රගතිශීලී ජනතාවට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ මැයි රැළිය, මැයි 1 වැනි දා පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *