කොළඹ අයෙකු මිලියන 25 ක කුෂ් සමග ගුවන් තොටේදී අල්ලයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඉකුත්දා (25) බැංකොක් සිට කටුනායක බලා අංක FD 140 ගුවන් යානයෙන් පැමිණ ගුවන්තොටුපල හරිත මාර්ගය ඔස්සේ පිටවීමට තැත් කරන අවස්ථාවේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන්ට ඇතිවූ සැකයක් මත එම ගුවන් මගියා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක් තුල ඉතා සූක්ෂමව අසුරා තිබූ කුෂ් ග්‍රෑම් 2505 සොයා ගැනීමට හැකිවූ අතර එහි වටිනාකම රුපියල්
මිලියන 25 කට අධික වේ.
මෙම කුෂ් මත්ද්‍රව්‍ය වියළි පලතුරු පැකට් තුල ඇති පලතුරු ඉවත්කොට ඉතා සූක්ෂමව අසුරා රැගෙන ආ අතර සැකකරු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නකු වේ.
මෙම සැකකරු හා භාණ්ඩ සමගින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සදහා ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයට බාර දීමට කටයුතු කොට ඇත.


https://shorturl.fm/GUL9h