වෛද්‍යවරියන්ගේ නාන කාමර තුළ වීඩියෝ දර්ශන ලබා ගත්තා යැයි සැකපිට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
කොළඹ හෝටලයක නේවාසිකව නවාතැන් ගෙන සිටි වෛද්‍යවරියන් කීපදෙනකුගේ නාන කාමර තුළට ජංගම දුරකථන යොදා වීඩියෝ දර්ශන ලබා ගත්තා යැයි සැකපිට ශ්‍රී ලංකා 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී අනාවරණය උනේ මම ක්‍රීඩකයින් දෙදෙනා රටේ පිළිගත් උසස් පාසලක දරුවන් දෙදෙනෙකු බවයි.
මොවුන්ද එම හෝටලයේ නේවාසිකව රැඳී සිටි අතර මොවුන් විසින් ජංගම දුරකථන යොදා ගනිමින් පිරිමි පුද්ගලයන්ගේද වීඩියෝ ගත කර ඇති බවට නාරාහෙන්පිට පොලිසිය විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.
නාරාහෙන්පිට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පුද්ගලයින් දෙදෙනා යම්කිසි විදියකින් මෙය අන්තර්ජාලයට මුදා හැර ඇද්දයි සොයා බැලීම සඳහා කාලයක් ගතවනේ හෙයින් රිමාන්ඞ් භාරයට පත් කරන ලෙසයි.
නමුත් සියලු කරුණු සලකා බැලූ විනිසුරුතුමා ලක්ෂ පහක ශරීර ඇප මත මේ දෙදෙනා මුදා හරින ලද අතර නැවත නඩුව කමැයි මස 25 වැනි දින කැඳවීමට නියමිතයි.

