වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන එළැඹෙන සඳුදා (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
දන්සැල් පැවැත්වීම සඳහා අදාළ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගන්නා ලෙසද සංවිධායකයන්ට දැනුම් දී ඇත.
ඊයේ පැවති අධි වෙසක් පොහොය දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 382ක් ක්‍රියාත්මක වූ බවත්, ඒවායේ ලියාපදිංචි කටයුතුද නිසි පරිදි සිදුකර තිබූ බවත් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසීය.


https://shorturl.fm/C6Dlx