සුන්දරව තිබුණු නුවරඑළිය නගර මධ්‍යය කසල විමානයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය වසන්ත සැණකෙළිය .

අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාවව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ ,

මාසයක් පුරාවට එකතු වී තිබුන කසල හා ගණ අපද්‍රව්‍යයන් ඉවත් කිරීමට බෝරඑළියේ මහනගර සභාව කටයුතු නොකල පසුබිමක කසල විශාල ප්‍රමාණයක් එකතු වී තිබීමක් අවධානයට ලක්විය ,

මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවෙ කසල කළමනාකරණ අංශයේ නිලධාරීන්ගෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ මහ නගර සභාවේ පරිපාලන කටයුතු භාරව සිටින නිලධාරීන්ගේ අදාල ස්ථානයේ ගොඩ ගසා තිබෙන කසල ඉවත් කිරීමට උපදෙස් නොලැබුණු බවයි ,

මෙම ගැටළුව පිළිබඳව විමසීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර මහතාව දුරකථන මාර්ගයට කීප වතාවක් සම්බන්ධ කිරීමට උත්සාහ කෙරුවද එම දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර ලබාදීමට හෝ ප්‍රතික්ෂේප කළේය .

Spread the love

One thought on “සුන්දරව තිබුණු නුවරඑළිය නගර මධ්‍යය කසල විමානයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *