ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැක.

මෙම මිල පහත හෙළීම අද (26) දින සිට ක්‍රියාත්මක වේ.

ලොකු ලූනු 1kg – රු. 309

සුදු සීනි (තොග) 1kg – රු. 245.00

රතු පරිප්පු 1kg – රු. 242.00

පාන් පිටි 1kg – රු. 174.00

රතු කැකුළු 1kg – රු. 173.00

සුදු කැකුළු 1kg – රු. 174.00

මෙම සියලු භාණ්ඩ ඉහත සඳහන් මිල ගණන් යටතේ රට පුරා විහිදී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට හෙට දිනයේ සිට මිලදී ගත හැක.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *