සලේ රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂය සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම පෙත්සම අද කරුණු තහවුරු කිරීම සඳහා කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් පැවසුවේය.

නමුත් පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශය කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පුරවැසියෙකු වශයෙන් තමන්ගේද මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නමුත් නීතිය ඉදිරියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇත.

එම කරුණු පිළිගත් පෙත්සම්කරු අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කිරීමටත් තීන්දු කර තිබේ

Spread the love

One thought on “සලේ රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *