ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ආනයන සැබෑ පිරිවැය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මිල සූත්‍රයට අදාළ දත්ත ප්‍රසිද්ධියට පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අප්‍රේල් මාසයේ ආනයනික පිරිවැය දත්ත වාර්තාවට අනුව, රජයේ සහනාධාර සංරචකය ගණනය කිරීමටත් පෙර, සංස්ථාව මේ වන විටත් දැවැන්ත මූල්‍ය අලාභයකට මුහුණ දී සිටින බව අනාවරණය වේ.

ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, වත්මන් සිල්ලර මිල සහ සූත්‍රය මත පදනම් වූ මිල සැසඳීමේදී එක් එක් ඉන්ධන ලීටරයකින් සිදුවන පාඩුව මෙසේය:

    • ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 34.59 කි (ආසන්න වශයෙන් රු. 35 කි).

    • ඔක්ටේන් 95 පෙට්‍රල්: ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 22.46 කි.

    • ලංකා ඔටෝ ඩීසල්: ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 367.70 කි.

    • සුපිරි ඩීසල්: ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 397.07 කි.

    • භූමිතෙල්: ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 325.53 කි.

මෙම මිල ගණන් දෙස බැලීමේදී වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ භූමිතෙල් සඳහා කිසිදු බදු පැනවීමක් සිදු කර නොමැති වීමයි. භූමිතෙල් සඳහා වන බදු 0 වන අතර, එයින් අදහස් වන්නේ භූමිතෙල් ලීටරයකින් සිදුවන රුපියල් 325 ක සමස්ත අලාභයම කිසිදු බදු පියවීමකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවට සෘජුවම දැරීමට සිදුවන බවයි.

ලංකා ඔටෝ ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 163.27 ක සමස්ත බදු සංරචකයක් අතුළත් වේ. මෙම බදු ආදායම මිල පරතරයට සාපේක්ෂව පියවා ගත්තද, ඩීසල් ලීටරයකින් සිදුවන ශුද්ධ අලාභය තවමත් රුපියල් 162 ක වැනි ඉහළ මට්ටමක පවතී.

මේ අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 34.59 ක මිල අලාභයක් පෙන්නුම් කළද, ඒ සඳහා ලීටරයකට රුපියල් 136.58 ක ඉහළ බදු සංරචකයක් අය කරනු ලබයි. ඒ අනුව බදු පියවීම්වලින් පසුව වුවද රජයට ඉන් සැලකිය යුතු ශුද්ධ බදු ආදායමක් (ලීටරයකට රු. 101 ක් පමණ) ඉතිරි වන බව පෙනී යයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *