නාවික හමුදාව යාපනයේ දී බිලියන එකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය මාදගල් හා කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශය හා මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් ඉකුත්දා (27) අළුයම සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5 කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 45.5 ක් හා හෙරොයින් කිලෝ ග්‍රෑම් 35.7 ක තොගයක්  ඩිංගි යාත්‍රාවක් සමගින් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය නාවික හමුදා විධානය වෙත ලද විශ්වාසනීය තොරතුරුකට අනුව නාවික හමුදා සියලු අංශ එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරු වැඩිදුර විමර්ශන සදහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට කටයුතු කර ඇත.

තවද රටම එකට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 75 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් රුපියල් බිලියන 55 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

www.bbcmirror.lk

www.asianewsplusone.com

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebrepoter.com

www.ceylonwebnews.com   

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

http://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *