නුවරඑළියෙ පැවති පුංචිම සහ ආදරණීයම දන්සල .

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තම නිවස් වලින් කඩල කිලෝ එක බැගින් තම්බාගෙන ඇවිත් ආදරණීය අයුරින් දන්සලක් පැවැත්වීමට නුවරඑළිය මාගස්තොට මුතු මල් ළමා සමාජය (30) දින කටයුතු කර තිබිණ ,

පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියේ ලියාපදිංචි ළමා සමාජයක් වන මාකස්සට මුතු මල් ළමා සමාජයේ වෙසක් සතිය නිමිතිකොට ගනිමින් සංවිධානය කළ වැඩසටහනක් හැටියට මෙම කඩල දන්සල නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාමය අබියස (30) පැවැත්වීමට  සංවිධානය කර තිබිණ ,

මෙහිදී ප්‍රදේශීය ග්‍රාම නිලධාරී තුමා වන සමිත ධනුෂ්ක බණ්ඩාර මහතාගේ පෞද්ගලික පරිත්‍යාගයෙන් හා දෙමාපියන් විසින් අවශ්‍ය කඩල ප්‍රමාණය සපයා දී තිබිණ ,

ළමා සමාජ නියාමක ජෙසීමා බේගම් මහත්මියගේ සහ දෙමාපියන්ගේ සහයෝගයෙන් දුවා දරුවන් විසින් මෙම දන්සල සාර්ථකව පැය දෙකක පමණ කාලයක් පුරා පවත්වන ලදී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *