🇱🇰 ඩෙංගු රෝගීන් ගණන 68,000 ඉක්මවා යයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071කි.

ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදීයි. එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.

ජුලි මාසයේ ගතවූ දින 11ක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,692කි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව, වැඩිම රෝගීන් ප්‍රමාණයක් මේ දක්වා වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම රෝගීන් සංඛ්‍යාව 35,823ක් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *