මුදල් වංචාවක් සම්බන්ධයෙන් එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
සැකකරු සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් ලබාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුනා.
ඒ අනුව විමර්ශන කටයුතු සිදුකල එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනුනා.
ඔහු අද දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

