නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වුනත් ශානි අබේසේකර CID ප්‍රධානි ධුරයෙන් ඉවත් වන්නේ නැහැ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ලබා දුන් නියෝගය අනුව පොලිස්පතිවරයො විසින් අද සවස ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරමින් පොලිස් පණිවිඩය නිකුත් කළේය.
ඒ අනුව අබේසේකර මහතා හෙට සිට CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන බවට මාධ්‍ය වාර්තා පලවී තිබුණා.
නමුත් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කිරීමට බාධාවක් නොමැති බවයි.
සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ක්‍රියා කලද නියෝජ්‍ය පොලිස්පත්වරුන් ද එම තනතුර දරා ඇති බවයි විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කලේ.
මේ අනුව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීමට ඉඩ තිබෙනවා.


