දියවන්නාවට වැටුණු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරාගනී
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදී අද (2026 අගෝස්තු 24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුණු 59 හැවිරිදි කාන්තාවක, නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් ක්ෂණික මෙහෙයුමකින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
දියවන්නා ඔයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් විසින් මෙම කාන්තාව දියේ ගිලෙමින් සිටිනු දැක වහාම ක්‍රියාත්මක වී ඇයව බේරා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වේ.
මෙලෙස බේරාගත් කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත

