විදුලි කප්පාදුවක අවදානමක් ?
www.bbcmirror.lk
www.Lankawebnews.lk
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ K. P. L. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

