ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිට ප්‍රංශයෙන් උපහාර.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා වෙත නාවික ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ මෙහෙවර සහ වෘත්තීය විශිෂ්ටත්වය අගය කරමින් ප්‍රංශ රජය මගින් ප්‍රදානය කරනු ලබන Order of Mary time merits උපහාරය පිරිනැමීම ඉකුත්දා (31) ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලයේ දී එම තානාපතිවරයා අතින් සිදු විණි.

සමූද්‍රීය අංශයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන සේවාවන් ඉටුකළ හා නාවික ක්ෂේත්‍රයේ වෘත්තීය නිපුණතාවයන් විදහා දැක්වූ විශිෂ්ටයින් වෙත මෙම සම්මානය පිරිනැමීම ප්‍රංශ රජය විසින් 1930 ආරම්භ කොට ඇත. නාවුක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය කලාපීය සමූද්‍රීය සහයෝගීතාවය මෙන්ම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සමූද්‍රීය සබදතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මොහු මෙහිදී ඇගයීමට පාත්‍ර වී ඇත.

තවද මෙහිදී දෙරට අතර ඒකාබද්ධ සමූද්‍රීය මුල් පිරීමක් ලෙස 2024 වර්ෂයේදී ආරම්භ කරන ලද සමූද්‍රීය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය ද මෙහිදී විශේෂයෙන්ම ඇගයීමට ලක්විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *