කේඩීයූ සදහා නව කුලපතිවරයෙක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU)අභිනව උපකුලපති වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා ඉකුත්දා (02) දින රාජකාරි බාරගත් අතර එම අවස්ථාවේ දී එතුමන් වෙත සම්මාන ආචාර මුරයක්ද පවත්වන ලදී.

මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ඒ මහතා 1993 වසරේ ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 11 වන ශිෂ්‍ය භට කණ්ඩායම ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත.

ඔහුගේ දීර්ඝ සේවා කාලය තුල විවිධ උසස් තනතුරු දරා ඇති ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් ඉංජිනේරු හා රාජකීය ගුවන් යානා සංගමයේ සාමාජිකත්වය ඇතුළු ඉහළ වෘත්තීය සුදුසුකම් රැසකින් සමන්විත වන අතර ජාතිය උදෙසා ඉටුකළ විශිෂ්ඨ සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම (USP)වෙතින් ද පිදුම් ලබා ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *