වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ නියාමකවරයෙකු අත්අඩංගුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සපත්තු තුළ සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර නිලධාරියා පැළඳ සිටි සපත්තු ඇතුළේ සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16.7ක් සොයා ගැනීමට පරීක්ෂණ සිදුකළ නිලධාරීන් සමත්ව තිබේ.

සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් බාරයට ගෙන ඇත.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *