නාවික හමුදාවෙන් වෙරළ තීර පිරිසිද කිරීම්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
පසුගිය 19 දා ට යෙදී තිබූ ජාත්‍යන්තර වෙරළ තීරය පිරිසිදු කිරිමේ දිනය හා ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩ සටහන ඉකුත්දා (19) උදෑසන පානදුර වෙරළ තීරය කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කෙරිණි.
මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අතර දිවයින පුරා පිහිටි නාවික හමුදා බල මූලස්ථාන මගින් ප්‍රධාන නගර හා දිවයිනේ වැදගත් වෙරළ තීරයන් රාශියක් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරිණි.

