නාවික හමුදාවෙන් ධීවරයින්ගේ පාඩමක්.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ධීවර ප්‍රජාවගේ දෛනික ජීවනෝපාය පවත්වාගෙන යෑමේදී ඔවුන් මුහුණ දෙන හදිසි අවස්ථාවන් වලදී කඩිනම් ප්‍රථමාධාර ලබා දීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පුහුණුව හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ මූලික වැඩ සටහනක් ඉකුත්දා (22) දින පුනනිච්චිමුනායි හා වාලච්චේන යන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
මෙහිදී නාවික හමුදා හෙද කාර්ය මණ්ඩලය විසින් දියේ ගිලීමේ දී ප්‍රථමාධාර ලබා දීම රුධිර වාහන පාලනය මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේද සර්ප දෂ්ඨන මූලික ප්‍රතිකාර පිළිබඳව මෙන්ම මුහුදේ දී ධීවරයන්ට මුහුණ දීමට සිදුවිය හැකි හදිසි අවස්ථාවන්හීදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම ද ඔවුන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ වැඩ සටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

