මහනුවර පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාව ගිලා බසී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක්  ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවකි.

පදික වේදිකාව අසල වූ වෙළෙඳසැලක් ඉදිරිපිට කොටසක් මෙසේ එකවරම ගිලා බැසීමට ලක්ව ඇත.

​වෙළෙඳසැල්වලට පිටුපසින් ගලාබසින ඇළ මාර්ගයේ ජල පහර හේතුවෙන් පදික වේදිකාවට යටින් වූ පස් තට්ටුව ඛාදනය වීම මෙම හදිසි ගිලා බැසීමට හේතුවන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළකරති.

https://vt.tiktok.com/ZSbhwn31T/

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *