මහජන හා විපක්ෂ විරෝධය නොතකා නුවරඑළියේ ජල ඒකකය ජල සම්පාදන මණ්ඩලයට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මහජනතාවගේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ නුවරඑළිය මහ නගර සභාවේ ජල සැපයුම් අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ එක්ව සංවර්ධන හා නඩත්තු කටයුතු සඳහා පවත්වාගෙන යාමට අදාළ යෝජනාව වැඩි ඡන්ද තුනකින් අද (08) සම්මත විය.
නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරු 14 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර 11 දෙනෙක් විරුද්ධ වූහ.
පක්ෂව ලැබුණු ඡන්ද 14 අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනකු සිටි අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ස්වාධීන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනා ඊට විරුද්ධව ඡන්දය දී තිබේ.
ජල සැපයුම් අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතට ගෙන ඒමට එරෙහිව පසුගිය සභා වාර කිහිපයේදීම විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට පැමිණ විරෝධය පළ කළහ. ඊට අමතරව ඊයේට පෙර දින නුවරඑළිය නගරයේදී මහජනතාව සහ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව විරෝධතාවක්ද පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී සුසන්ත පලිහවඩන මහතා පැවසුවේ ‘භාරදීම’ සහ ‘පවරාදීම’ යන වචනවලින් වෙනස්කමක් පෙන්වා දුන්නද, ප්‍රායෝගිකව මෙය මුල සිටම පවරාදීමේ ක්‍රියාවලියක් බවය.
ඒ සම්බන්ධයෙ%E

