දූෂණයට එරෙහි සටන ශ්‍රී ලංකාවේ යහපාලන ගමනට නව බලාපොරොත්තුවක්!

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග පිළිබඳ ඇගයීමක්

ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරා ආර්ථික අර්බුද, දේශපාලන අස්ථාවරත්වය, දූෂණ චෝදනා සහ පාලන ක්‍රමවේදයන්හි දුර්වලතා හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝගවලට මුහුණ දුන් රටකි. එවැනි පසුබිමක දූෂණය සහ මූල්‍ය වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර රටේ අනාගතය වෙනස් කළ හැකි වැදගත් සාධකයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ දේශපාලන ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉදිරියට ගෙන යාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ අවධානය යොමු වී තිබීම වැදගත් ජාත්‍යන්තර කරුණකි.

2026 සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මගින් දූෂණය මැඩලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ගෙන ඇති ඇතැම් පියවර පිළිබඳව පිළිගැනීමක් සිදුකර තිබේ. ඒ අතරම, මෙම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, අතීතයේ සිට පැවත එන දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

මෙය ශ්‍රී ලංකාවට ලැබුණු සරල දේශපාලන ප්‍රශංසාවක් ලෙස නොව, රටේ පාලන ක්‍රමවේදයන්හි විනිවිදභාවය, ස්වාධීන පරීක්ෂණ සහ නීතියේ සමාන ක්‍රියාත්මකභාවය තවදුරටත් තහවුරු කරගැනීමට ලැබුණු වැදගත් ජාත්‍යන්තර ඇගයීමක් සහ අභියෝගයක් ලෙස සැලකිය යුතුය.

දූෂණයට එරෙහි සටන කිසිදු දේශපාලන පක්ෂයකට පමණක් සීමා නොවිය යුතුයි

රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ බලය අනිසි ලෙස යොදාගැනීම හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන්ය.

එබැවින් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට පමණක් සීමා නොවී, අතීතය සහ වර්තමානය නොසලකා සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.

එක්සත් ජාතීන්ගේ අවධානය හමුවේ ශ්‍රී ලංකාවට ඇති වගකීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙ සදහන් වි ඇක

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *